ඉතින් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගත් පසු තමා ගේ මවු තුමියට කෙළෙහි ගුණ දැක්වීම සදහා එතුමියව සතර අපායෙන් මුදවා ගැනීම සදහා ශ්‍රි සද්ධර්මය දේශනා කිරීම සදහා තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කොට මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට තුන් මසක් තවුතිසා දිව්‍ය ලෝකයේ වස් වැස, වස් අවසානයේදී නැවත මෙම ලෝකයට වැඩම කරන ලද්දේ සංකස්ස පුරයටයි. මෙම අවස්ථාව ‘ලෝක විවරණය’ යන නමිනුත් හැඳින්වෙනවා. එයට හේතුව නම් බුදුරජාණන්වහන්සේ දෙව්-බඹුන් පිරිවරාගෙන මේ පොළෝ තළයට වැඩම කරන අවස්ථාව එතනට රැස් වූ සියලුම මිනිසුන් හට දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. ඉතින් මේ අවස්ථාව ඉතාම දුර්ලභව මිනිසුන් හට දැකගන්න ලැබෙන්නෙ. ඉතාම ආශ්චර්යමත් වූත් අත්භූත වූත් අවස්ථාවක්. බුදුරජාණන්වහන්සේ පොළොවට වැඩම කරන්නේ තමන්වහන්සේ ගේ ඉර්ධි බලයෙන් මවාගත් රත්‍රනින් හා මැණික් වලින් නිර්මිත පියගැට පෙලක් මතිනුයි. මීට යාබදව දෙපසින් තවත් රන් හා රිදී පියගැට පේළි දෙකකුත් තිබෙනවා. එකක් දෙවියන් සඳහා. අනෙක බඹුන් සඳහා. මේ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේට පුදපුජා කරමින් පන්ච තූර්ය වදනය කරමින් උන්වහන්සේ හට චාමර සේසත් ධජ ප්‍රතාක වලින් උපහාර පුදපුජා කරමින් ශ්‍රක්‍ර දෙව් ඇතුලු සියලු දෙව් පිරිස බුදුරජාණන්වහන්සේ පිටුපසින් පැමිනෙන ආකරය සියලුම මිනිසුන්හට දැකගන්න අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේ ගේ අපරිමිත වූ ඉර්ධි බලයෙන් මේ ලෝකයේ මිනිසුන් හට ඒ සියල්ල දර්ශනය වීමට සළස්වනවා.
ඉතින් එදා ලෝක විවරණය සිදු කළාවූ අවස්ථාවේ දී සුවිශේෂි සිදුවීම් කීපයකුත් සිදු වුනා. එක් සිදුවීමක් තමා අනාගතයේ මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අසූදාහ දක්වා වැඩි වූ විට මේ මහා භද්‍ර කල්පයේ පස්වනුව ලොව පහළවන මෛත්‍රි බුදුරජාණන්වහන්සේ අවසන් වරට නියත විවරණ ලැබුවේත් බුද්ධත්වයට පත්වීමට පෙර අවසාන වරට පැවිදි බව ලැබුවේත් ඒ අවස්ථාවේ දී.
ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන්වහන්සේ ට එම අගතනතුර අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රදානය කරන ලද්දේත් එදා.
ඉතින් එදා එතනට රැස් වෙච්ච දෙව් මිනිසුන් දස දහස් ගණනින් මාර්ග ඵල අවබෝධය කරා. එතනට රැස් වෙච්ච අතිවිශාල භික්ෂු සංඝයා වහන්සේ ලා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කළා. ඉතින් බලන්න අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය සිදු කල ඒ දවස කොතරම් ආශ්චර්යමත් ද කියල.
ඉතින් අපි හැමෝම දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන අපගේ මහා මුනිරජාණන්වහන්සේ ලෝකයේ දෙව් මිනිසුන් වෙත පතළ මහ කරුණාවෙන් ලෝක විවරණය සිදු කළා වූ ඒ ආශ්චර්යමත් අත්භුත වූ අවස්ථාව සිහි කරගෙන අපගේ සිත් ඒ කෙරේ පහදවාගෙන කුසල් සිතම වඩමු. අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණම සිහි කරමු.
ඔබ සැමට තෙරුවන් සරණ වේවා…….
උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා!!!
http://dhammamedicine.net/2009/12/10/munitheda-asiriya/
No Comments »
No comments yet.
RSS feed for comments on this post.
Leave a comment
Calender
Archives
Pages
Recent Posts
- Sata Sutta: Mindful (SN 47.35)
- Chanda Sutta: Desire (SN 47.37)
- Pariñña Sutta: Comprehension (SN 47.38)
- Amata Sutta: Deathless (SN 47.41)
- Samudaya Sutta: Origination (SN 47.42)
- Pathama Sukha Sutta: First Discourse on the Pleasant (AN 10.65)
- Dutiya Sukha Sutta: Second Discourse on the Pleasant (AN 10.66)
- Kolita Sutta: Kolita (SN 21.1)
- Maha Saropama Sutta: The Longer Heartwood-simile Discourse (MN 29)
- Cankama Sutta: Walking (AN 5.29)
